මෙවර චීනයේ ඔලිම්පික් තරග සදහා සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම තමන්ගෙ තරග පැවැත්වෙන ස්ථානවලට හැකිතාක් ඉක්මනින් හා සාමාන්‍ය මහ ජනතාවගෙන් වෙන් කොට රැගෙන යාමට චීනය විසින් විශේෂ bubble bullet දුම්රිය සේවාවක් දියත් කර තිබේ.
පෙබරවාරි 4 වනදා ආරම්භ වීමට නියමිත ඔලිම්පික් උලෙළට මේ වන විටත් සමහර මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්,ජාත්‍යන්තර නියෝජිතයන් සහ මාධ්‍යවේදින් චීනයට පැමිනෙමින් පවතී.
ඔවුන් සදහාම සකස් කර ඇති මෙම දුම්රියේ සැකසුම සාමාන්‍ය දුම්රිය වලට වඩා බොහෝසෙයින් වෙනස්වන අතර එය 350kmph වේගයකින් ධාවනය වෙමින් ක්‍රීඩකයන්ව අදාල ස්ථානවලට රැගෙන යාමට නියමිතයි.