ළමුන්ගේ බූස්ටර මාත්‍රාව සඳහා Pfizer එන්නත ඉල්ලුම් කළ ජපාන රජය


ළමුන් සඳහා booster එන්නත ලෙස pfizer ලබාදීමට ජපානය සැරසෙයි

.

ජපානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වයස අවුරුදු 5 සිට 11 දක්වා ළමුන්ගේ COVID-19 බූස්ටර මාත්‍රාව සදහා Pfizer එන්නත් ලබාදීම සම්බන්ධයෙන් සිදුකළ ඉල්ලීම සදහා වන අනුමැතිය එක්සත් ජනපදයේ ඖෂධ දැවැන්තයෙකු වන Pfizer Inc. විසින් බදාදා දින ලබාදී ඇති බව වාර්තා වේ . 

 

අප්‍රේල් මාසයේදී නිකුත් කරන ලද Pfizer හි සායනික අත්හදා බැලීමේ දත්ත වලට අනුව, වයස අවුරුදු 5 සිට 11 දක්වා දරුවන්ට ඔවුන්ගේ දෙවන එන්නත් මාත්‍රාව ලබා දී මාස හයකට පමණ පසුව බූස්ටර මාත්‍රාව ලබා දුන් විට වෛරස ක්‍රියාකාරකම් මැඩපැවැත්වෙන උදාසීන ප්‍රතිදේහ ප්‍රමාණය හය ගුණයකින් වැඩි වන බව සොයාගෙන තිබේ. 

 

එමෙන්ම Corona වෛරසයේ Omicron ප්‍රභේදය සඳහා මෙම එන්නත ඵලදායී බව තහවුරු වී ඇති අතර කිසිදු ආරක්ෂිත ගැටළුවක් හඳුනාගෙන නොමැති බැවින් එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය විසින් මැයි මාසය වනවිට එම වයස් කාණ්ඩයේ ළමුන් සඳහා ෆයිසර් බූස්ටර එන්නත් අනුමත කර ඇති බව පැවැසේ.

Comments