සංවත්සරයට පෙර දින විවෘත වූ Okinawa හි සාම ගීත ස්මාරකය


ඔකිනාවා සංවත්සරයට පෙර ස්මාරකයක් විවෘත වේ

.

පැසිෆික් යුද්ධයේ අවසාන අදියරේදීඇතිවූ Okinawa සටනේදී අහිමි වූ වැසියන්ගේ ජීවිත සිහිපත් කිරීම වෙනුවෙන් ජූනි 22 වන දින ප්‍රාන්තයේ Nishihara නගරයේදී සාමය සඳහා යාඥා කරන දේශීය ගායක ගායිකාවකගේ ගීතයක් සහිත ශිලා ස්මාරකයක් විවෘත කරන ලදී.

 

පැසිෆික් යුද්ධයේ ලේ වැකි සටන් වලින් එකක් ලෙස සැලකෙන මෙම Okinawa යුද්ධය අනුස්මරණය කරමින් Nishihara හි පිහිටවූ ගල් ස්මාරකයේ නගරයේ පදිංචිව සිටි 78 හැවිරිදි Yutaka Umisedo,  විසින් රචනා කරන ලද ගීතයක් වන "Gettou" හි පද රචනය සනිටුහන් කර ඇති අතර අනුස්මරණ දිනය ළඟා වූ විට එම ගීතය ප්‍රාථමික හා මධ්‍යම පාසල්වල ගායනා කර තිබේ. 

 

ජූනි 22 රාත්‍රියේ Okinawa ප්‍රාන්තයේ Itoman හි සාම අනුස්මරණ උද්‍යානයට උදාවූ රාත්‍රී අහස ශෝකය දනවන සුළු ආලෝකයක් සහිත සුදු සෙවුම් ලාම්පු මගින් ආලෝකමත් කළ බව වාර්තා වේ .

108 Views

Comments