ජපාන නව ඇමරිකානු තානාපති Rahm Emanuel පසුගිය ඉරිදා එරටට පැමිණ ඇත. වසර දෙකක් පුරාවට හිස්ව තිබූ මෙම අසුන පිරවීමට ඔහු මෙම තනතුරට පැමිණි අතර ඔහු හට පැවරී ඇති වඩාත්ම වැදගත්ම රාජකාරිය නම් කලාපය තුළ චීන රජයෙන් ඇතිවන බලපෑම් මද්දේ ඇමරිකාව හා ජපානය අතර සම්බන්ධතා වඩාත් ප්රබල කිරීමයි .
62 හැවිරිදි Rahm Emanuel හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ ඉහළම සහායකයෙක් වන අතර ඇමරිකාවේ වත්මන් ජනාධිපතිවන ජෝ බයිඩන් ගේ ද සමීප සම්බන්ධතා පවත්වන්නෙකි.බැරක් ඔබාමාගේ සමයේ ධවල මන්දිර ප්රධානී ලෙස ඔහු 2009 සිට 2010 දක්වා කාලය තුළ සේවය කර තිබිණි.
ජපානය හා ඇමරිකාව අතර හමුදාමය සම්බන්ධතා ශක්තිමත් කිරීමට කටයුතු කිරීමත් ඔහුට පැවරී ඇති ප්රධාන රාජකාරීන් ගෙන් එකකි.