කලාත්මක පිහිනුම් ශුරතාවලියේ රන් පදක්කම දිනාගත් ජපාන පිහිනුම් ක්‍රීඩිකාව


Yukiko Inui විසින් කලාත්මක පිහිනුම් තරගයේ රන් පදක්කම දිනා ගනියි

.

පසුගිය බදාදා දින Budapest හි පැවති ලෝක ජල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා ඒකල නිදහස් ආර ප්‍රථම ස්ථානය දිනා ගනිමින් සිය රන් පදක්කම් සංඛ්‍යාව දෙකක් බවට පත් කර ගැනීමට ජපාන කලාත්මක පිහිනුම් ක්‍රීඩිකා Yukiko Inui සමත්වී තිබේ .

 

ක්‍රීඩිකාවන් 12 දෙනෙකුගෙන් යුත් අවසන් මහා තරගයේදී ලකුණු 95.3667 ක් ලබා ගනිමින් ඉහළම ස්ථානයට පත්වූ ඇය "මම අද අවසානය දක්වාම මට අවශ්‍ය ආකාරයට පිහිනා මාගේ ජයග්‍රහණය වෙනුවෙන් මට හැකි උපරිමය කළා" යනුවෙන් ඇය පැවසුවාය.

 

සඳුදා පැවැති මූලික වටයේ ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් විනිසුරු මඩුල්ලෙන් ලකුණු 94.5667ක් ලබාගත් Inui පැවසුවේ “පෙර තරඟ අවස්ථා වලදී ට වඩා මෙවර හොඳ ලකුණු ප්‍රමාණයක් මට ලැබුණා ” යනුවෙනි.

102 Views

Comments