Yamanashi ප්රාන්තයේ Fuefuki ප්රදේශයේ පිහිටා තිබූ 70 හැවිරිදි පුද්ගලයෙකුට අයත් වන ඵල නෙලීමට ආසන්න Peach ගොවි බිමකින් යෙන් මිලියන 1.5 ක් වටිනා Misaka Hakuho සන්නාමයට අයත් Peach ගෙඩි 5000 ක් පමණ කිසිවෙකු විසින් සොරකම් කර ඇති බව Fuefuki ප්රාදේශීය පොලිසිය ජුනි 21 වන දින නිවේදනය කළේය.
නවතම සොරකම ඇතුළුව ජූනි 15 වැනිදා සිට යෙන් මිලියන 3.87ක වටිනාකමකින් යුතු Peach ගෙඩි 14,400 ක් Fuefuki නගරයෙන් සහ එයට අසල්වැසි නගරයෙන් සොරකම් කර ඇති බව වාර්තා වේ. මෙම සොරකම් මාලාවට ප්රතිචාර වශයෙන් Yamanashi ප්රාන්තයේ පොලිස් නිලධාරීන් සහ ජපාන කෘෂිකර්ම සමුපකාර නිලධාරීන් ඇතුළු 70 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් ජුනි 20 වැනි දින සිට ගොවි බිම් වෙත සිදුකෙරෙන හදිසි මුර සංචාර ආරම්භ කර තිබේ .
අස්වනු නෙළන තුරු කාලය තුළදී සොරකම් විරෝධී පියවර ශක්තිමත් කිරීමට සහ මුර සංචාරයේ පිරිවැය පියවා ගැනීම සඳහා ක්ෂණිකව සහනාධාර ලබා දීම සම්බන්ධයෙන් සිය අභිප්රාය ප්රකාශ කරමින් "මෙය ඉතා දරුණු සහ සාහසික අපරාධයක් වන අතර, අස්වනු නෙලීමට ආසන්න බැවින් ඒවා එක රැයකින් සොරකම් කරනු ලැබේ. එය ඉවසිය නොහැක" යනුවෙන් Yamanashi ප්රාන්තයේ ආණ්ඩුකාර Kotaro Nagasaki ජූනි 21 දින පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් කියා සිටියේය.