සිය මවට මාරාන්තික ලෙස පහර දුන් දියණියට වසර 7ක සිර දඬුවම් නියම කෙරේ


සිය මවට අමානුෂික ලෙස පහරදුන් දියණියකට සිරදඬුවම් නියම කෙරේ

.

සපෝරෝ දිසා අධිකරණය විසින් බ්‍රහස්පතින්දා දින Kiyomi නම් 82 හැවිරිදි තම මවට Kita Ward හි පිහිටා ඇති ඔවුන්ගේ නිවසේදී පහර දී මරා දැමීම සම්බන්ධයෙන් Yu Inoue නම් 57 හැවිරිදි කාන්තාවකට වසර හතක සිර දඬුවමක් නියම කර ඇති බව වාර්තා වේ . 

 

උසාවි තීන්දුවට අනුව, දෙසැම්බර් 23 දින උදේ 6.20 ත් රාත්‍රී 10.30 ත් අතර කාලයේදී Inoue විසින් මවගේ මුහුණට පහර දී  මියයන තුරුම සිරුරට පයින් පාගා ඇති අතර එදිනම රාත්‍රියේ අසල තිබූ පොලිස් ස්ථානය වෙත ගොස් තම මවට පහර දුන් බවට පාපොච්චාරණය කර තිබේ .

 

නිවසේ ඇතිදැඩි කළ බලු සුරතලා සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇතිවූ උණුසුම් ආරවුලක් ශාරීරික පහරදීමට හේතු වී ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය .

125 Views

Comments