දකුණු කොරියාව සහ ජපානය අතර නැවත ආරම්භ වන දෛනික ගුවන් ගමන්


දකුණු කොරියාව හා ජපානය අතර ගුවන් ගමන් වාර නැවත ආරම්භ වේ

.

Corona වසංගතය හේතුවෙන් වසර දෙකකට වැඩි කාලයක් පුරාවට අත්හිටුවා තිබූ දෙරටේ අගනුවර අතර ක්‍රියාත්මක වෙමින් පැවැති ගුවන් ගමන් එළැඹෙන සතියේ ජුනි 29 වන දින සිට නැවත ආරම්භ කිරීමට දකුණු කොරියානු රජය සමඟ එකඟ වූ බව ජපානය රජය බදාදා නිවේදනය කළේය.

 

Tokyo හි Haneda ගුවන් තොටුපළ හා Seoul හි Gimpo ගුවන් තොටුපළ අතර ගමන් මාර්ගය මෙලෙස විවෘත වන අතර, ජපානයේ All Nippon Airways සහ Japan Airlines මෙන්ම දකුණු කොරියාවේ Asiana Airlines හා Korean Air යනුවෙන් ගුවන් ගමන් වාර හතරක් සතියකට වට සංචාර අටක් ලෙසින් ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ. මගීන්ගේ ඉල්ලුම අනුව ජූලි මාසයේ සිට ගුවන් ගමන් සංඛ්‍යාව වැඩි කිරීමට සලකා බලන බව අමාත්‍යාංශය සඳහන් කළේය. 

 

යුධ කාලීන ගැටළු සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරාවට පැවැති ගැටුම් වලින් අනතුරුව දෙරට අතර අන්‍යෝන්‍ය සබඳතා වැඩිදියුණු කිරීම වෙනුවෙන් පෙනී සිටින දකුණු කොරියානු ජනාධිපති Yokn Suk Yeol විසින් ආසියානු අසල්වැසි ජනයා අතර හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සඳහා ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට සිය කැමැත්ත පළ කර ඇති බැවින් මෙලෙස යළිත් වරක් ගුවන් ගමන් ආරම්භ වීම සිදුවේ .

155 Views

Comments