මන්ත්‍රී මණ්ඩල  මැතිවරණයකදී වාර්තා වූ ඉහළම කාන්තා අපේක්ෂක ප්‍රතිශතය


මෙවර මන්ත්‍රී මණ්ඩල මැතිවරණය ඉහළම කාන්තා ප්‍රතිශතයක් වාර්තා කරයි

.

එළැඹෙන ජුලි 10 දින පැවැත්වීමට නියමිතව ඇති ජපානයේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ මැතිවරණයට පෙනී සිටින පුද්ගලයින් 545 දෙනාගෙන් 181 දෙනෙකු එනම් 33.2% ක ප්‍රතිශතයක් කාන්තාවන් වන අතර එය මෙතෙක් වාර්තා වූ ඉහළම කාන්තා නියෝජනය බව සැලකේ . 

 

ජූනි 22 දින ප්‍රකාශයට පත් කරන ලද දත්ත වලට අනුව මෙවර මැතිවරණයේ සමස්ත අපේක්ෂක සංඛ්‍යාව පෙර මැතිවරණයට වඩා 47.3%ක වාර්තාගත වැඩිවීමක් සනිටුහන් වී තිබූ අතර කාන්තා අපේක්ෂකයින් සඳහා එම වැඩිවීම වාර්තාගත ලෙස 74.0% අගයකට ඉහළ ගොස්‌ තිබිණි. 

 

ජපන් කොමියුනිස්ට් පක්ෂය (JCP) 55.2% ක ඉහළම කාන්තා අපේක්ෂකයින් සංඛ්‍යාවක් නියෝජනය කළ පක්ෂය වූ අතර සමස්තයක් ලෙස ගත් විට මෙවර මැතිවරණයේ , කාන්තා අපේක්ෂකයින්ගේ අනුපාතය විරුද්ධ පක්ෂ අතර ඉහළ මට්ටමක පවතින බවත් ආණ්ඩු පක්ෂ අතර අඩු මට්ටමක පවතින බවත් නිරීක්ෂණය කළ හැකි විය.

125 Views

Comments