ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සේවකයන්ට ඉවත් වෙන්නයි යුක්රේනයේ නියෝග


රුසියාවෙන් එල්ල විය හැකි ආක්‍රමණයක බිය මධ්‍යයේ ඇමරිකානු තානාපති කාර්යාලයට අනියුක්තව සේවය කරන සියලුම

.

රුසියාවෙන් එල්ල විය හැකි ආක්‍රමණයක බිය මධ්‍යයේ ඇමරිකානු තානාපති කාර්යාලයට අනියුක්තව සේවය කරන සියලුම සේවකයන්ගේ පවුල් වලට යුක්රේනයෙන් පිටවන ලෙස එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය ඉරිදා නිවේදනය කළේය.

 

අත්‍යවශ්‍ය නොවන සේවකයන්ට  රජයේ වියදමින් තම රටට යා හැකි බව තවදුරටත්   ප්‍රකාශ කර තිබුණි .

 

ජිනීවා හි රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොව් අතර සිකුරාදා පැවති සාකච්ඡවේදී යුක්රේන දේශ සීමාවේ රුසියානු හමුදා බලය ගොඩ නැගීම නිසා ඇතිවූ ආතතිය පිළිබඳ ගැටලුව නොවිසඳීම හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවී ඇති බව ආරංචි මාර්ග පවසයි .

276 Views

Comments