පැන නැගුණු කාර්මික දෝෂය හේතුවෙන් නැවත කැඳවූ Toyota මෝටර් රථ නිෂ්පාදිතය


ටොයෝටා නිෂ්පාදනයක කාර්මික දෝෂයක් පැනනගී

.

ජපාන මෝටර් රථ නිෂ්පාදකයාගේ නව විදුලි මෝටර් රථ නිෂ්පාදිතය වන 2,700 bZ4X හි රෝද වල සවි කර තිබූ බෝල්ට් ලිහිල් විය හැකි බවට උද්ගත වූ ගැටලුවක් හේතුවෙන් වාහන පෙරළී යාමේ සම්භාවිතාවක් ඇතිවූ බැවින් අපනයනය කරන ලද වාහන තොගය නැවත ගෙන්වා ගැනීමට සමාගම විසින් පියවර ගෙන තිබේ. 

 

කාර්මික දෝෂය සදහා නිශ්චිත හේතුවක් තවමත් නොදන්නා නමුත් සම්පූර්ණ රෝදය කඩා වැටීමේ අවදානමක් ඇති විය හැකි බවට සැක කෙරෙන බැවින් විමර්ශන කටයුතු අඛණ්‌ඩව සිදු කරගෙන යන බව Toyota Motor Corp සිකුරාදා දින කියා සිටියේය . 

 

ගැටලුවට පිළියමක් සොයාගන්නා තුරු කිසිවෙකු මෙම වාහන ධාවනය නොකළ යුතු බවට සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි අතර නැවත කැඳවීමට යටත් වන වාහන අතරින් 2200 ක් පමණ යුරෝපයෙන් ද, 270 ක් උතුරු ඇමරිකාවෙන් ද, 112 ක් ජපානයේ ද, 60 ක සෙසු වාහන ආසියාවෙන් ද ගෙන්වීමට නියමිතව තිබේ.  ඒවා මාර්තු සහ ජුනි අතර කාලයේදී නිෂ්පාදනය කර ඇති බව සඳහන් වේ. 

 

bZ4X හි අලෙවිය මීට මාස දෙකකට පමණ පෙර සිට ආරම්භ වූ අතර එය Toyota සමාගමේ විද්‍යුත් පෙළගැස්ම සැලසුම් සහගතව ශක්තිමත් කෙරෙන ප්‍රධාන මාදිලියකි. Toyota සමාගම 2030 වන විට EV මාදිලි 30ක් නිපදවීමට සැලසුම් කර ඇති අතර, එම වසරේ ගෝලීය වශයෙන් විද්‍යුත් වාහන මිලියන 3.5ක් අලෙවි කිරීමට නියමිතව තිබේ. එවැනි ඉලක්ක සපුරා ගැනීම සඳහා බැටරි පර්යේෂණ සහ සංවර්ධනය සඳහා යෙන් ට්‍රිලියන 2ක මුදලක් මේ වනවිට සමාගම විසින් ආයෝජනය කර ඇති බව වාර්තා වේ .

235 Views

Comments