ලෝක ජල ක්‍රීඩා ශූරතාවලියේ දී ජපාන ජාතික වාර්තාවක් පිහිටුවමින් සිකුරාදා පැවැති තරඟ වටයේදී පලමු වරට සිය රට වෙනුවෙන් පිරිමි මීටර් 100 සමනළ ආර ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට Naoki Mizunuma සමත් විය.
Budapest හි Duna Arena හිදී පැවති අවසන් මහා තරගයේදී 50.94 ක් ලබා ගනිමින් හංගේරියාවේ Kristof Milak ට වඩා 0.80 ක් පසුපසින් තරඟය නිමා කිරීමට Mizunuma ට හැකිවූ අතර ඔහු විසින් පිහිටවූ නව ජපන් වාර්තාවත් සමඟින් ජපාන පිහිනුම් ඉතිහාසයේ ඔහුගේ නාමය නොමැකෙන ලෙස තහවුරු වීම සිදුවිය .
“ඉතිහාසයේ කොටස්කරුවෙකු වීමට ලැබීම ගැන මම ඇත්තෙන්ම සතුටු වෙනවා. මට විශ්වාසයි ලබන වසරේ Fukuoka හි පැවැත්වෙන ලෝක ශූරතාවලියේදී මගේ රට වෙනුවෙන් පදක්කමක් දිනාගන්න පුළුවන් කියලා. ඒ නිසා මට ඉහළම මට්ටමේ ධාවන තරඟ පුහුණුවීම් කටයුතු දිගටම කරගෙන යාමට අවශ්‍යයි ” යනුවෙන් 25 හැවිරිදි Mizunuma සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් පැවසීය.