Hanamachi" ඒකාබද්ධ කාර්ය සාධනයේ පෙරහුරු උත්සවය පැවැත්වේ


Hanamachi උත්සවය ආරම්භ වෙයි

.

පුරාණ ජපන් අගනුවර සුප්‍රසිද්ධ "Hanamachi" විනෝදාස්වාද දිස්ත්‍රික්ක පහේ නැටුම්, ගැයුම්, වැයුම් සදහා පුහුණු කරන ලද සත්කාරක සේවිකාවන්ගේ සහ ඔවුන්ගේ Maiko නම් ආධුනිකයන්ගේ සහභාගිත්වයෙන් "Miyako no Nigiwai" එනම් "නගරයේ කලබලය" යනුවෙන් ජුනි 25 සහ 26 දිනවල පැවැත්වීමට නියමිතව ඇති ඒකාබද්ධ ප්‍රසංගයේ පෙරහුරු උත්සවය ජුනි 24 දින පවත්වා තිබේ.

 

අතිශයින් ජනප්‍රිය වැඩසටහනක් වන මෙම උත්සවය COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් 2020 වසරේදී අවලංගු කල අතර, 2021 වසරේදී ආසන සංඛ්‍යාව 70% දක්වා අඩු කර පවත්වන ලදී. නමුත් මේ වසරේදී උත්සවය සාමාන්‍ය පරිදි පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබූ අතර උත්සවයට සම්බන්ධ වන සියලු ශිල්පීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙරහුරුවට පෙර සියලුදෙනාට PCR පරීක්ෂණ සිදුකරනු ලැබිණි.

 

උත්සවය Kyoto හි Higashiyama Ward හි පිහිටා ඇති Minamiza රඟහලේදී පැවැත්වෙන අතර සෑම දිනකම පෙරවරු 11 සිට සවස 3 දක්වා දර්ශන වාර දෙකක් ක්‍රියාත්මක වේ. ශාලාවේ පළමු පන්තියේ ආසන සඳහා ප්‍රවේශය යෙන් 12,000 වන අතර දෙවන පන්තියේ ආසන සඳහා ප්‍රවේශය යෙන් 6,000 වේ.

 

"බොහෝ ප්‍රසංග අවලංගු කර තිබෙන මොහාතක උත්සවය පැවැත්වේ. එබැවින් සුපුරුදු පරිදි රඟ දැක්වීමට හැකිවීම ගැන මම සතුටු වෙමි" යනුවෙන් Miyagawacho hanamachi දිස්ත්‍රික්කය නියෝජනය කරමින් Maiko ශිල්පියෙකු ලෙස උත්සවයට රඟ දක්වන 19 හැවිරිදි Koaki කියා සිටියාය.

107 Views

Comments