අධික උෂ්ණත්වයෙන්  පිඩා විඳින පාසල් සිසුන් වෙනුවෙන් අධාර ලබාදුන් සිසුන් දෙදෙනෙක්


අධික උෂ්ණත්වයෙන් පීඩා විඳින පාසල් සිසුන්ට තවත් සිසුන් ගෙන් ආධාර හිමිවෙයි

.

Aomori ප්‍රාන්තයේ Higashidori හි ගිම්හාන උෂ්ණත්වය අංශක 30 ට වඩා ඉහළ යන විට ඇතිවන තාප ආඝාත තත්ත්වය හේතුවෙන් තම පාසලේ මිතුරන් පීඩාවට පත් නොවිම සහතික කිරීම සඳහා 14 හැවිරිදි කනිෂ්ඨ උසස් පාසල් සිසුන් දෙදෙනෙකු වන Koume Otsuki සහ Rin Furukawa විසින් පසුගියදා නගරයේ නගරාධිපතිවරයා වෙත පාසලේ පොදු පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා යෙන් මිලියන 100 ක පරිත්‍යාගයක් සිදුකර ඇති බව වාර්තා වේ. 

 

6000 ක තරම් සුළු ජනගහනයක් සිටින ඉතා කුඩා පැසිෆික් ප්‍රජාවේ නගරාධිපති ලෙස සේවය කරන Toshiakai Hatanaka  ඔවුන්ගේ ඉල්ලීම නිසා සංවේගයට පත්ව ඇති අතර, බිම් අලුත්වැඩියා කිරීමේ කටයුතු වලට සහ පන්ති කාමරවල වායු සමීකරණ ස්ථාපනය කිරීමේ කටයුතු වලට පරිත්‍යාග ලෙස හිමිවූ යෙන් මිලියන 100 ගම් සභාවේ  මූල්‍ය අයවැයට ඇතුළත් කිරීමට ලබා දී තිබේ. 

 

ඔවුන්ගේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රාදේශීය දේශපාලනයට උද්යෝගිමත්ව මැදිහත්වීම හේතුවෙන් සිසුන් දෙදෙනාම ජාතික අවධානය දිනා ගත් අතර ජපානයේ ප්‍රධාන විපක්ෂය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රධානියා වන Kenta Izumi සිය Twitter ගිණුමේ ඔවුන් දෙදෙනා විසින් සිදු කළ සේවය ඉතා ඉහළින් අගය කරමින් වාර්තාවක් පවා තබා ඇති බව පැවැසේ.

110 Views

Comments