අඛණ්ඩව දෙවන මාසය සඳහාත් ඉහළ ගිය ජපානයේ CPI දර්ශකය


ජපානයේ උද්ධමනය තවදුරටත් ඉහළ නගී

.

අඛණ්ඩව දෙවන මාසය සඳහාත් පාරිභෝගික මිල දර්ශකය (CPI) පෙර වසරට වඩා 2% කින් වැඩි වී ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ජුනි 24 දා නිවේදනය නිකුත් කරමින් කියා සිටියේය. 

 

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් ඛනිජ තෙල් මිල ඉහල යාම සමස්ත බලශක්ති පිරිවැය 17.1%  කින් ඉහල යාමට හේතු වූ අතර ඒ හේතුවෙන් මේ වසරේදීත් අඛණ්‌ඩව විදුලි පිරිවැය 18.6% කින් වැඩිවීම සිදුවිය . එමෙන්ම ගෑස් බිල්පත් 17% කින් සහ පෙට්‍රල් පිරිවැය 13.1% කින් ඉහළ ගොස් ඇති බව සදහන් වේ .

 

'යෙන්' හි වටිනාකම ක්‍රමයෙන් පහළ යාමත් සමග ආහාර නිෂ්පාදනය සඳහා භාවිතා කරන ආනයනික ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ ගොස් ඇති අතර සුපිරි වෙළෙඳසල්වල සහ අනෙකුත් සිල්ලර වෙළෙඳසල්වල ඇති දිරාපත් වන ද්‍රව්‍ය පමණක් හැර අනෙක් සියලු ආහාර ද්‍රව්‍යවල මිල ගණන් 2.7%  කින් වර්ධනය වී තිබේ. පොදුවේ ගත් විට සියලුම ආහාර නිෂ්පාදනවල මිල ගණන් 4.1% කින් ඉහළ ගොස්‌ ඇති බව වාර්තා වේ .

Comments