ජුනි 16 වන දින ජර්මනියේ සිට ආපසු පැමිණි 20 හැවිරිදි තරුණයකු හට Monkeypox වෛරසය ආසාදනය වී ඇති බවට සිකුරාදා දින තහවුරු කරගෙන ඇති අතර එය රට තුළ එවැනි ආසාදිතයෙකු වාර්තා වූ පළමු අවස්ථාව වේ.
දැනට දිවයිනේ දකුණු ප්‍රදේශයේ ජීවත් වන මෙම තරුණයා විසින් ඔහුට උණ, උගුරේ අමාරුව සහ සමේ තුවාල ඇති බවට පැමිණිලි කිරීමෙන් පසුව ප්‍රතිකාර සඳහා හුදකලා වාට්ටුවකට යොමු කර තිබේ. තායිවානයේ රෝග පාලන මධ්‍යස්ථානයට අනුව ඔහු පසුගිය ජනවාරි මාසයේ සිට ජර්මනියේ අධ්‍යාපනය කටයුතු වල නිරතව සිට 16 දින මෙරටට පැමිණ තිබේ.