ඉහළ මන්ත්‍රී මණ්ඩල මැතිවරණයේ ප්‍රචාරක කටයුතු උණුසුම් වෙයි


ඉහළ මන්ත්‍රී මණ්ඩල මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ආරම්භ වෙයි

.

ආණ්ඩු පක්ෂයේ සහ ප්‍රතිවිරුද්ධ විපක්ෂයේ නායකයින් දෛනික අවශ්‍යතා වල මිල ඉහල යාම ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස පෙන්වා දෙමින් සෙනසුරාදා දින මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරත වීමත් සමඟ රට තුළ උණුසුම් තත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වේ. 

 

පසුගිය බදාදා දින මැතිවරණයේ ප්‍රචාරක කටයුතු නිල වශයෙන් ආරම්භ වූ අතර එදින සිට එළැඹි පළමු සති අන්තයේ ප්‍රචාරක කටයුතු වල නිරත වූ අගමැති Fumio Kishida සහ ඔහුගේ ප්‍රතිවාදීන් ප්‍රධාන වශයෙන් ජපානය පුරා පිහිටි තරඟකාරී ඡන්ද දිස්ත්‍රික්ක අරමුණු කර ගනිමින් කථා පැවැත්වීම සිදු කළහ. 

 

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් අධික ලෙස බලශක්තිය සහ අනෙකුත් භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ ගිය බවට අදහස් දක්‌වමින් ඊට දොස් පැවරූ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රධානියා වන Kishida, Yamanashi ප්‍රාන්තයේ Kofu හිදී පැවැති රැස්වීමකදී කියා සිටියේ " ඔබේ ජීවනෝපාය සහ රැකියාව ආරක්ෂා කිරීමේ වගකීම රජය සම්පූර්ණයෙන්ම  භාර ගන්නා බවටත් මිල වැඩි කිරීමට එරෙහිව පියවර ගැනීමට උපරිමයෙන් කටයුතු කරන බවටත් පොරොන්දු වෙනවා " යනුවෙනි.

128 Views

Comments