Osaka ජංගම කන්සියුලර් සේවාව


පසුගිය 25 වනදා ඔසාකා හී පැවති ජංගම consular සේවාව සාර්ථකව නිම විණි

.

තානාපති කාර්යමණ්ඩලය ඕසකා ප්‍රාන්තයෙහි ජංඟම කොන්සියුලර් සේවාවක් සාර්ථකව පවත්වන ලදී. 2022 ජූනි මස 25 වනදා උදෑසන 9.30 සිට සවස 4.00 දක්වා පැවැත්වූ මෙම ජංඟම සේවාවෙහි දී පනහකට වැඩි ශ්‍රී ලාංකිකයින් පිරිසකට කොන්සියුලර් සේවාවන් සපයන ලදී. ගමන් බලපත්‍ර අලුත් කිරීම, රියදුරු බලපත්‍ර අලුත් කිරීම, උප්පැන්න ලියාපදිංචිය වැනි සේවාවන් රාශියක් ලබාදුන් මෙම ජංඟම සේවාව ජපානයේ ශ්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංඟමයේ පූර්ණ අනුග්‍රහය යටතේ (SLAAJ) පැවැත්විණි.

127 Views

Comments