අඛණ්ඩ උද්ධමනය හමුවේ ක්‍රමයෙන් හීන වෙමින් පවතින ජපාන ජනතාවගේ ඉවසා සිටීමේ හැකියාව


අධික උද්ධමනය හමුවේ ජපාන ජනතාව නොසන්සුන් වෙයි

.

Mizuho Research Technologies Ltd. නම් පර්යේෂණ සමාගම විසින් ජපාන බැංකුවේ කාර්තුමය සමීක්ෂණවල දත්ත භාවිතා කරමින් මෑත කාලීනව සිදු කරන ලද ගෘහස්ථ වියදම් සමීක්ෂණ විශ්ලේෂණයට මගින් , ආහාර සහ අනෙකුත් දෛනික අවශ්‍යතාවල මිල අඛණ්‌ඩව ඉහළ යාම සම්බන්ධයෙන් ජපානයේ ජනතාව අතර පවතින  ඉවසා දරා ගැනීමේ හැකියාව ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව හෙළි වී තිබේ .

 

තේ බෑග්, Futon ඇඳ ඇතිරිලි, වායු සමීකරණ සහ පිසින තෙල් යන අයිතම පාරිභෝගිකයින් විසින් "කපා හරින ලද" යන කොටසට ඇතුල් කර ඇති අතර අතිරේක ආහාර පාන සඳහා වන වියදම් වලද කපා හැරීමේ ප්‍රවණතාවය වැඩිවෙමින් පවතින බව පාරිභෝගික මිල දර්ශකය සහ ගෘහස්ථ වියදම් සමීක්ෂණය වැනි රජයේ සංඛ්‍යාලේඛන මත පදනම්ව සමාගම විසින් සොයාගන්නා ලදී. 

 

"ඔවුන්ගේ වඩා හොඳ පෝසත් සම වයසේ මිතුරන් හා සසඳන විට දෛනික අවශ්‍යතා යනු ඔවුන්ගේ දෛනික වියදම් වලින් විශාල ප්‍රතිශතයක් වන බැවින් ඔවුන් මෙම තත්ත්වය ඉවසන්නේ අඩුවෙන්" යැයි Mizuho Research හි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ Saisuke Sakai නව විශ්ලේෂණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් කියා සිටියේය .

130 Views

Comments