ආරම්භයේ සිටම අන්තර්ජාලය මගින් භාවිතා කරන්නාගේ පෞරුෂය කුමන ආකාරයේ දැයි සොයා බැලීමට, අන් අය සමඟ අමනාප කර වීමට සහ මනාප කරවීමට , නව සහ අද්විතීය ක්‍රම සොයා ගැනීමට ඔවුන්ට ඉඩ සළසා දී තිබූ අතර වර්තමානයේදී අන්තර්ජාලය බොහෝ පුරවැසියන්ට දිගු හා ඵලදායී ජීවිතයක් ගත කිරීමට යතුර විය හැකි බව ජපාන රජය විසින් සිදුකරන ලද නවතම අධ්‍යයනයක් මගින් පෙන්නුම් කර දී තිබේ.
කැබිනට් කාර්යාලයේ වයෝවෘද්ධ සමාජය පිළිබඳ වාර්ෂික වාර්තාවේ 2022 සංස්කරණයේ දත්ත භාවිතයෙන් ජපානය පුරා ව්‍යාප්තව සිටින වයස අවුරුදු 65 ට වැඩි පිරිමින් සහ කාන්තාවන් 2000 කට අධික සංඛ්‍යාවක් යොදා ගනිමින් තැපැල් සමීක්ෂණයක් පැවැත්වූ අතර එහි පලමු ප්රශ්නය වූයේ "අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිතා කරනවාද නැද්ද යන්න සහ ජීවත් වීමට යමක් තිබේදැයි ඔබට හැඟෙනවාද යන්නයි" .
එහිදී හිමිවූ ප්‍රතිචාර වලට අනුව අන්තර්ජාලයෙන් ඈත් වූ පුද්ගලයන්ට වඩා තුන් ගුණයක් වූ ඔන්ලයින් ක්‍රියාශීලී වයෝවෘද්ධ පුද්ගලයන්ට ජීවිතයේ අරමුණක් ඇති බව සොයාගත් අතර මෙම ප්‍රතිඵලය මගින් "වැඩිහිටියන්ගේ අන්තර්ජාල බෙදීම තුරන් කිරීම සඳහා වන සහයෝගය දිගටම වැදගත් වනු ඇති බවට ඔප්පු කරන බව" පැවැසේ.