කලාත්මක පිහිනීමේ මිශ්‍ර යුගල රිදී පදක්කම දිනා ගත් ජපන් සහෝදරයෝ


ජපන් සහෝදරයන් යුවලක් කලාත්මක පිහිනුම් හිදි පදක්කම දිනා ගනියි

.

ජපානයේ Tomoka Sato  සහ ඇගේ බාල සොහොයුරා වන Yotoro විසින් ලෝක ජල ක්‍රීඩා ශූරතාවලියේ සෙනසුරාදා පැවති මිශ්‍ර යුගල නිදහස් ආර පිහිනුම් අංශයේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය .ඒ රන් පදක්කම් ලාභී ඉතාලි යුගලයට වඩා ලකුණු 89.7333 ක් පිටුපසිනි. 

 

ඉතාලියේ Giorgio Minisini සහ Lucrezia Ruggiero මෙම තරඟ අංශයේ රන් පදක්කම දිනාගැනීමට සමත් වූ අතර චීනයේ Shi Haoyu සහ Zhang Yiyao එම ඉසව්වේ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් විය. 

 

Satos ගේ දෙවන රිදී පදක්කම සමඟින් ජපානයට වාර්තාගත ලෙස කලාත්මක පිහිනුම් පදක්කම් හතක් මේ වසරේදී හිමිවූ අතර එය 2007 ලෝක කුසලාන වාර්තාව අභිබවා යාමට සමත් විය. 

 

"වචනවලින් ප්‍රකාශ කළ නොහැකි කොටස් වලට ඒකාබද්ධ වීම අපට පහසුයි" යනුවෙන් Tomoka ඇගේ සහෝදරයා සමඟ තරඟ කිරීම හා ජයග්‍රහණය ලබා ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් පැවැසුවාය.

119 Views

Comments