නිරිතදිග ජපානයේ Kumamoto ප්‍රාන්ත භූමියේ කිලෝමීටර් 9 ක් පමණ ගැඹුරින් ඉරිදා රාත්‍රී 9.44 ට රිච්ටර් මාපකයේ 5.4 ක මට්ටමේ මූලික භූ කම්පනයක් ඇති වූ නමුත් එහි ප්‍රබලත්වය සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් නොවූ බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය .
භූකම්පනය හේතුවෙන් තුවාල හෝ දේපළ හානි පිළිබඳ ක්ෂණික වාර්තා කිසිවක් ලැබී නොමැති බව සදහන් වේ.
2016 අප්‍රේල් මාසයේදී Kumamoto ප්‍රාන්තය අතිශය විනාශකාරී භූමි කම්පාවකට මුහුණ දුන් අතර ඒ හේතුවෙන් Kumamoto ප්‍රාන්තයේ සහ අසල්වැසි Oita ප්‍රාන්තයේ පුද්ගලයන් 270 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් නිවාස 43,000 ක් පමණ සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් හානියට පත් වීම සිදු විය.