Tokyo කොටස් හුවමාරුවේ විකල්ප මාර්ගයක් ලෙස භාවිතයට ගැනිමේ අපේක්ෂාවෙන් ජුනි 27 වන සදුදා දින ජපානය තුළ නව පුද්ගලික මූල්‍ය හුවමාරුවක් විවෘත කර ඇති අතර එය වසර 12 කට පසු රට තුළ දියත් කරන ලද පළමු කොටස් හුවමාරුව මෙන්ම රටේ තුන්වන පෞද්ගලික හුවමාරුව බවට පත් වූ බව Osaka Digital Exchange හි ක්‍රියාකරු සදහන් කළේය .
මෙම මධ්‍යස්ථානය සතියේ දිනවල උදෑසන 8.20 සිට සවස 4. 00 දක්වා විවෘතව පවතින අතර හුවමාරුවේ දත්ත වෙත අනවසරයෙන් ඇතුළුවීම වැළැක්වීම සඳහා ලබන වසරේ සිට Blockchain නම් උසස් තාක්ෂණය හඳුන්වා දීමට ක්‍රියාකරු විසින් මේ වනවිටත් සැලසුම් සකස් කර ඇති බව වාර්තා වේ.
අන්තර්ජාල මූල්‍ය දැවැන්තයා වන SBI Holdings Inc. විසින් ODX සමාගමේ කොටස් වලින් 70% කට හිමිකම් කියනු ලබන අතර Sumitomo Mitsui Financial Group Inc. විසින් 20% කට සහ Nomura Holdings Inc. සහ Daiwa Securities Group Inc. විසින් සම සමව 5% බැගින් සමාගමේ කොටස් වලට හිමිකම් කියනු ලබයි.
"Tokyo කොටස් හුවමාරුව සහ වෙනත් අනෙකුත් ආයතන සමඟ සහයෝගීතාවයෙන් යුතුව ආයෝජන සදහා ප්‍රබෝධමත් කිරීමට අපි කැමැත්තෙමු" යනුවෙන් Osaka Digital Exchange හි සභාපති Kimio Mikazuki විසින් Tokyo ප්‍රධාන කාර්යාලයේ පැවති විවෘත කිරීමේ උත්සවයේදී කියා සිටියේය.