Nakano Ward හි පිහිටා ඇති Izakaya Pub අලෙවිසැළේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලයේ ඇඳුම් මාරු කරන කාමරය තුළ තබා තිබූ මුදල් පසුම්බි කිහිපයකින් යෙන් 38,500 කට ආසන්න මුදලක් සොරකම් කළ බවට සැකපිට 27 හැවිරිදි Atsushi Noguchi නම් පොලිස් නිලධාරියෙකු Tokyo පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.
Tsukiji පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි සැකකාර පොලිස් නිලධාරියා විසින් තම සගයින් හතර දෙනෙකු සමඟ Izikaya Pub වෙත ගොස් ඇති අතර සෙනසුරාදා පස්වරු 3.45 ත් 4.30 ත් අතර කාලයේදී මෙම සොරකම සිදුකර ඇති බව පැවැසේ .
එහි සේවකයෙකු විසින් සවස 5 ට පමණ ඇඳුම් මාරු කරන කාමරයේ තබා තිබූ ඔහුගේ පසුම්බියේ මුදල් අතුරුදහන් වී ඇති බව දැක කළමනාකරුට පැමිණිලි කර ඇති අතර පසුව පොලිසිය අමතා සොරකම පිළිබඳව දැනුවත් කර තිබේ. අධික ලෙස බීමත්ව Pub එක තුළ රැදී සිටි Noguchi අත්අඩංගුවට පත් විමෙන් අනතුරුව ඔහුට එරෙහිව එල්ල වී තිබූ චෝදනා පිළිගත් බව පොලීසිය සඳහන් කළේය.