යුක්‍රේනියානු ජන සංගීත වාදකයාගේ පුණ්‍ය ප්‍රසංගය


යුද්ධයෙන් අසරණ තාවයට පත් යුක්රේනියානු වැසියන් වෙනුවෙන් එරට සංගීතවේදියෙකු පුන්‍ය ප්‍රසංගයක් සංවිධානය කරයි

.

තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින යුක්‍රේනියානු වැසියන්ට සහය දැක්වීමේ අරමුණින් ඊසානදිග ජපානයේ Fukushima ප්‍රාන්තයේ Futaba හිදී ජූනි 25 දින  පුණ්‍ය ප්‍රසංගයක් පැවැති අතර එහිදී 36 හැවිරිදි Kateryna Gudzii නම් යුක්‍රේනියානු ශිල්පිනිය විසින් ඔවුන්ගේ තත් ජන භාණ්ඩයක් වන 'Bandura' වාදනය කරමින් සිය මව්බිමේ සම්ප්‍රදායික ගීත ගායනා කර තිබේ . 

 

Chernobyl න්‍යෂ්ටික බලාගාර අනතුරෙන් පසු තම උපන් නගරය හැර ගිය Gudzii වයස අවුරුදු 19 සිට ජපානයේ සංගීතය ප්‍රසංග පවත්වා ඇති අතර මෙවර ඇයගේ උත්සාහයට අත්වැල් සපයමින් Fukushima ප්‍රාන්තය තුළ ප්‍රසංගය සංවිධානය කිරීමට සහාය වී ඇත්තේ වර්තමානයේදී Iwaki  ප්‍රාන්තයේ වාසය කරන නමුත් Fukushima ප්‍රාන්තයේ Futaba හිදී උපත ලද 50 හැවිරිදි Atsuko Yamamoto විසිනි. 

 

2014 වසරේදී ජපානයේ ඇතිවූ මහා නැගෙනහිර  භූමිකම්පාවෙන් විපතට පත් වූවන් වෙනුවෙන් පැවැති අනුස්මරණ උත්සවයකදී ඔවුන් දෙදෙනා ප්‍රථම වරට හමුවී ඇති අතර "Fukushima ගැන සැලකිල්ල දැක්වීම වෙනුවෙන් Gudzii වෙත ආපසු ප්‍රති උපකාර කිරීම මෙන්ම ප්‍රසංගයෙන් එකතු කරන ලද පරිත්‍යාග යුක්‍රේනයේ වැසියන්ට සහාය වීමට පරිත්‍යාග කිරීම  " මෙම ප්‍රසංගය සංවිධානයක වූ Yamamoto ගේ අරමුණ වී තිබූ බව පැවැසේ .

 

නගරවාසීන් ඇතුළු නරඹන්නන් 60 දෙනෙකු පමණ එක්ව සිටි ප්‍රසංගයේදී Gudzii විසින් යුක්‍රේන ගීතිකා සහ අනෙකුත් ගීත ගායනා කළ අතර ඇයගේ 68 හැවිරිදි මව Maria ද වේදිකාවට පැමිණ කියා සිටියේ "ඕනෑම තත්වයක් තුළ ආදරය කිරීම සහ ආදරය කිරීම වැදගත්" බවයි

Comments