සෙනසුරාදා පස්වරු 1.15 ට පමණ සමාගමේ සේවකයෙකු වන 73 හැවිරිදි Ichiro Sanpei නම් පුද්ගලයකු පැදවූ ට්රක් රථයක ගැටී පාපැදියකින් ගමන් කරමින් සිටි Mizuki Yamashita නම් සය හැවිරිදි දැරියක් මරණයට පත් වීමl සම්බන්ධයෙන් Kanagawa ප්රාන්තයේ Odawara හි පොලිසිය විසින් අනතුරුදායක ලෙස රිය පැදවීමේ චෝදනාව යටතේ ට්රක් රථයේ රියදුරු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.
දැරිය මිතුරන් පිරිසක් සමඟ තවත් මිතුරෙකුගේ නිවසකට යමින් සිටියදී මෙලෙස ට්රක් රථයේ ගැටී ඇති අතර අනතුර දුටු පදිකයෙක් 110 අමතා සිදුවීම පිළිබඳව පවසා ඇත. ඔහු තම වම් පසින් ගමන් ගත් මිතුරන් කණ්ඩායම පසුකර යන විට පිරිසේ පිටුපසින්ම ගමන් කරමින් සිටි දැරියගේ බයිසිකලයේ ගැටෙන්නට ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනතුරට පත්වූ දැරිය වහාම රෝහල් ගත කළ නමුත් හිසට සිදුව තිබූ බරපතළ තුවාල හේතුවෙන් ඊට පැය දෙකකට පමණ පසුව ඇය මියගිය බව වාර්තා වේ.