ජපානයේ සහ ජර්මනියේ නායකයින් අතර ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වෙයි


ජපාන සහ ජර්මනියේ නායකයින් හමුවෙයි

.

ජපාන අගමැති Fumio Kishida සහ ජර්මානු චාන්සලර් Olaf Scholz අතර ඉරිදා දින පැවති ද්විපාර්ශ්වික සාකච්ඡා වලදී G-7 සංසදයේ මීළඟ සභාපතිත්වය ජපානය දරන මොහාතක සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ඉදිරි සමුළුව ජපානයේ Hiroshima නගරයේ පැවැත්වීමට අවශ්‍යය කටයුතු සම්බන්ධයෙන් වන සහයෝගීතාව වේගවත් කිරීම සඳහා නායකයින් දෙදෙනාම එකඟ වී ඇති බව වාර්තා වේ . 

 

දෙරටේම ආරක්ෂක සහ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම ඊනියා two-plus-two ආකෘතිය යටතේ දියත් කිරීමට මෙන්ම ජපානය සහ ජර්මනිය අතර පවතින ආරක්ෂක සහයෝගීතාව ගැඹුරු කිරීමට Kishida සහ Scholz ප්‍රතිඥා දුන් බව ජපාන විදේශ අමාත්‍යාංශය සදහන් කළේය .

 

ඊට අමතරව යුද්ධය හේතුවෙන් ඇති වූ ආහාර අර්බුදයේදී  වඩාත්ම අවදානමට ලක්විය හැකි රටවලට උපකාර කිරීම සඳහා සමීපව කටයුතු කිරීමට සහ ඉන්දු පැසිෆික් කලාපයේ සයිබර් අභ්‍යවකාශ සහ න්‍යෂ්ටික බලය තුළ බහුවිධ සහයෝගීතාව ලබා ගැනීමට නායකයින් දෙදෙනාම මෙහිදී සිය එකඟත්වය පළ කර තිබේ .

144 Views

Comments