ජපානයේ ශ්‍රී ලංකා තේ ප්‍රවර්ධනය කරයි


ජපානයේ තුළ ශ්‍රී ලංකා තේ ප්‍රවර්ධනය කිරීමේ කටයුතු තානාපති කාර්යාලය විසින් ආරම්භ කෙරේ

.

ජපානයේ තේ සංගමය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා එක්ව සංවිධානය කරන ලද ශ්‍රී ලංකා තේ පිළිබඳ සම්මන්ත්‍රණයක් 2022 ජුනි 25 වන දින තානාපති කාර්යාල පරිශ්‍රයේදී  පැවැත්විණි.

 

ජපන් පාරිභෝගිකයින් අතර ශ්‍රී ලාංකේය තේ ප්‍රචලිත කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට ජපන් තේ ලෝලීන් 35 කට අධික පිරිසක් සහභාගී විය.

 

තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති සේසත් තාඹුගල මහත්මිය රැස්ව සිටි පිරිස අමතා ශ්‍රී ලාංකේය තේ වල සුවිශේෂී ලක්ෂණ, ප්‍රාදේශීය ප්‍රභේද සහ තේ පරිභෝජනයේ සෞඛ්‍ය ප්‍රතිලාභ පිළිබඳ දැනුවත් කරන ලදී. එතුමිය, රටෙහි ආර්ථිකය නගාසිටුවීම උදෙසා විදේශ විනිමය ඉහළ නැංවීමට වෙර දරන මේ මොහොතේ ශ්‍රී ලාංකේය නිෂ්පාදන මිලදී ගනිමින් ශ්‍රී ලංකාවට සහාය දෙන ලෙසට සහභාගී වන්නන්ගෙන් ඉල්ලීමට ද මෙය අවස්ථාවක් කරගන්නා ලදී.

 

මෙම වැඩසටහනට ශ්‍රී ලංකා තේ පිළිබඳ වීඩියෝවක්, සහතිකලත් ජපාන තේ සංගමයේ තේ උපදේශකවරයකු විසින් නිවැරදිව තේ කෝප්පයක් පිළියෙළ කරන ආකාරය සහ ශ්‍රී ලංකේය තේ සහ ශ්‍රී ලංකේය තේ ආශ්‍රිත වෙනත් පාන වර්ග සාදා ගන්නා ආකාරය පිළිබඳව දේශනයක්ද ඇතුළත් විය.

 

ඩිල්මා තේ (Dilmah Tea) ජපානයට ආනයනය කිරීමේ බලයලත් ආයතනය වන වොල්ට්ස් ආයතනය (WALTZ Co., Ltd), වැඩසටහනට සහභාගී වුවන් වෙත ශ්‍රී ලාංකේය තේ ප්‍රභේද සහිත ඇසුරුම් ත්‍යාග කිරීම සඳහා අනුග්‍රහය දැක්වූ අතර, "රුහුණු" තේ ප්‍රභේදය පිළිබඳව දැනුවත් කිරීමක් ද සිදු කරන ලදී.

Comments