රටේ ගැටලු විසදීම සදහා විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් මාසිකව ඇමරිකානු ඩොලර් මිලියන පන්සියයක් මාසිකව රට තුළට ගෙන්වා ගැන්වීමේ ඉලක්කය ඇතිව ප්‍රායෝගික වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ අතරම ජපානය වැනි ඉහළ ආදායම් ලබාගත හැකි රටවල් සදහා ශ්‍රමිකයින් පිටත් කිරීමේ වැඩසටහනත් වේගවත් කිරීමට කටයුතු කරනවා.
ජපානයේ සාත්තු සේවක රැකියා සදහා පුහුණුව ලැබූ පස් දෙනෙක්ට අද දිනයේදී ගුවන් ටිකට්පත් ප්රදානය කළා. අද දිනයේ සිට තවත් විසි දෙදෙනෙකුගේ යුත් කණ්ඩායමක් ජපානයේ රැකියා සදහා පිටත්ව යාමට පුහුණුව ලැබීම ආරම්භ කරනවා. ලබන 20 වැනිදා පිටත්ව යන එම කණ්ඩායමට සාත්තු සේවක ක්ෂේත්රයේ ශ්‍රමිකයින් 8 දෙනෙක් සහ ඉදිකිරීම් ක්ෂේත්රයේ ශ්‍රමිකයින් 14 දෙනෙක් ඇතුළත් වෙනවා.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම මත ජපන් රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යවනු ලබන අතර එසේ ජපාන රැකියා අපේක්ෂිතයින් කිසිම අවස්ථාවකදී අතරමැදියන්ට මුදල් ගෙවීමට අවශ්‍ය නැති බව මම තරයේ අවධාරණය කරනවා.