නිවසක් තුළ මියගොස් සිටියදී සොයා ගත්  වයෝවෘද්ධ පුද්ගලයා


Miyagi ප්‍රාන්තයේ නිවසක් තුළ වයෝවෘද්ධ පුද්ගලයෙක් මිය ගොස් සිටියදී සොයා ගනී

.

Miyagi ප්‍රාන්තයේ Sendai හි පිහිටි නිවසකදී මියගොස් සිටි Takashi Shoji නම් 92 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සහ පිහියකින් බෙල්ලට ඇනීම නිසා තුවාල ලබා ලේ ගලමින් සිටි ඔහුගේ පුත්‍රයා යැයි සැලකෙන 50 හැවිරිදි පුද්ගලයකුගේ සිරුරක් මළ සිරුර අසල වැටී තිබියදී සොයා ගැනීමට හැකිවූ බව ප්‍රාදේශීය පොලිසිය සඳහන් කළේය. 

 

තුවාල ලබා සිටි Shoji ගේ ඥාතියෙකු අඟහරුවාදා පෙරවරු 10 ට පමණ ඔවුන්ගේ නිවසට පැමිණ ඇති අතර ඔහු විසින් ඒ මොහොතේදීම පොලීසිය අමතා සිදුවීම පිලිබදව පවසා තිබේ.  නමුත් Shoji එම ස්ථානයේදීම මියගොස් ඇති බවත් මරණයට හේතුව හුස්ම හිරවීම බව මරණ පරීක්ෂණයේදී තහවුරු වූ බවත් පොලීසිය පැවැසීය . 

 

ලේ ගලමින් සිටි Shoji ගේ පුත්‍රයා වහාම රෝහල් ගත කර ඇති අතර සිදු කරන ලද පරීක්ෂණ වලින් අනතුරුව ඔහුගේ තුවාල ජීවිතයට තර්ජනයක් නොවන බව වෛද්‍යවරුන් පවසා ඇත . 

 

පුත්‍රයා අසල තිබී ලේ තැවරුණු පිහියක් සොයාගැනීමට මෙහිදී නිලධාරීන් සමත්ව තිබූ අතර පියාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පෙර පුත්‍රයාට සුවය ලැබෙන තෙක් ඔවුන් බලා සිටින බව පොලීසිය කියා සිටියේය .

108 Views

Comments