ජපානයේ සහ දකුණු කොරියාවේ නායකයින් දෙදෙනා පලමු වරට කෙටි පුද්ගලික හමුවකට අවතිර්ණ වෙයි


ජපන් හා දකුණු කොරියානු නායකයන් පළමුවරට පුද්ගලිකව හමුවේ

.

පසුගිය අඟහරුවාදා දින Madrid හිදී ස්පාඤ්ඤයේ VI වන Felipe රජු විසින් පවත්වන ලද රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුරදී ජපාන අගමැති Fumio Kishida සහ දකුණු කොරියානු ජනාධිපති Yoon Suk Yeol එකිනෙකා සමග කෙටි සාකච්ඡාවකට අවතීර්ණ වූ බවත් එය මිනිත්තු තුන හතරකට නොවැඩි කාලයකට සීමා වූ බවත් දකුණු කොරියානු ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. 

 

"දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් යුද්ධයෙන් පිඩාවට පත්ව සිටින රටවල උද්ගතව ඇති අතිශයින් දරුණු සබදතාවන් යළි සෞඛ්‍ය සම්පන්න රාජ්‍යයක් ලෙසින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව" මෙහිදී Kishida විසින් ජනපති Yoon හට පවසා තිබේ. 

 

"ජපානයේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ මැතිවරණයෙන් පසුව ජපානය සහ දකුණු කොරියාව යන ජාතීන් දෙකටම අදාළ වන පොදු ගැටළු කඩිනමින් විසඳා ගෙන අනාගතයේදී නැඹුරු ආකාරයකින් ඉදිරියට යාමට තමන් අපේක්ෂා කරන බව" Yoon විසින් ජපාන අගමැති Kishida හට පවසා ඇත.

89 Views

Comments