තම සොහොයුරිය ඝාතනය කළ යොවුන් වියේ සොහොයුරා පරිවාස ගත කෙරේ


තම කුඩා සොයුරිය ඝාතනය කළ සොහොයුරා පරිවාස ගත කරයි

.

සිය 3 හැවිරිදි සොහොයුරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට පෙබරවාරි මාසයේදී අත්අඩංගුවට පත්ව සිටි සොහොයුරාගේ මානසික මට්ටම මාස තුනක මනෝචිකිත්සක පරීක්ෂණවලින් අනතුරුව යහපත් බවට තහවුරු වීම හේතුවෙන් ඔහුව පරිවාස මධ්‍යස්ථානයක් වෙතට යොමු කිරීමට Okinawa ප්‍රාන්තයේ Nago හි පවුල් උසාවිය පියවර ගෙන ඇති බව වාර්තා වේ .

 

පෙබරවාරී 8 වැනි දින උදෑසන 9 ට පමණ නාගරික නිවාස සංකීර්ණයේ හයවැනි මහලේ බැල්කනියෙන් ඔහුගේ සොහොයුරිය වැටී මිය යාමෙන් පසුව ඇයගේ සොහොයුරා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත . මහල් නිවාසය අසලින් ගමන් ගත් අයෙක් පොලිසියට කතා කර ඇය බිම වැටී සිටින බවට වාර්තා කර ඇති අතර දරුවා රෝහලට ගෙන ගොස් විනාඩි 90 කට පමණ පසුව ඇය මිය ගොස් තිබේ .

 

තම සහෝදරිය බැල්කනියෙන් විසි කළ බවට පිරිමි ළමයා පිළිගත් බවත් “මගේ මතකය අපැහැදිලි උනත් මම එය කළා” යනුවෙන් ඔහු පැවසූ බවත් පොලිසිය සඳහන් කළේය .

102 Views

Comments