පළමු වරට 'Valorant' ශූරතාවලියට සුදුසුකම් ලැබූ ජපාන කණ්ඩායම


ජපාන කණ්ඩායමක් පළමුවරට Valorant ශූරතාවයට සුදුසුකම් ලබයි

.

2022 Valorant Champions Tour Challengers Japan Stage2" තරඟාවලියේ අවසන් තරඟය ජූනි 25 සහ 26 දිනවල Tokyo නගරයට ආසන්න Saitama Super Arena හිදී පැවැති අතර එහිදී ජපානය පදනම් කරගත් වෘත්තීය ක්‍රීඩා කණ්ඩායමක් වන Northeption විසින් පලමු වරට ජාතික ශූරයින්ගේ සංචාරයේ ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් වී ඇති බව වාර්තා වේ. 

 

ඒ අනුව Northeption කණ්ඩායමට එළැඹෙන ජූලි මාසයේදී පැවැත්වීමට නියමිත Masters Copenhagen ලෝක ශූරතාවලියට ජපානය නියෝජනය කරමින් සහභාගී වීමට අවස්ථාව හිමිවිය. තරගාවලියේ අවසන් තරඟ වටයේදී Northeption, Zeta Division සහ Crazy Raccoon යනුවෙන් කණ්ඩායම් තුනක් සටන් වැදුණු අතර, දින දෙක පුරාවටම ප්‍රේක්ෂකයින් 26,000ක් පමණ තරගය නැරඹීම සඳහා එක් රොක් වී  සිටියහ.

 

"අද අපි සියලු දෙනාම හොඳ තත්ත්වයේ සිටි අතර චිත්ත ධෛර්යය ඉහළම මට්ටමක පැවතුනි. අපගේ විශ්වාසය අපව ජයග්‍රහණය කරා ගෙන ගියා. ජපානයට ජයග්‍රහණය කිරීමට අවශ්‍ය දේ ඇති බව ලෝක ශූරතා තරඟාවලයේදී  පෙන්වීමට අපි කැමතියි " යනුවෙන් කණ්ඩායමේ සාර්ථකත්වයේ යතුර පිළිබඳව පැහැදිලි කරමින් නායක BlackWiz කියා සිටියේය.

Comments