NATO සමුළුවේ අවධානයට ලක් වූ පළමු  චීනයේ නැගී සිටීම


චීනයේ නැගී සිටීම NATO සංවිධානයේ අවධානයට ලක්වෙයි

.

මෙවර NATO සමුළුවේදී "යුක්‍රේනයට එරෙහි රුසියාවේ යුද්ධය" කෙරෙහි නායකයින්ගේ ප්‍රමුඛතම අවධානය යොමු වූ අතර බටහිර සන්ධානය තුළ වඩාත්ම කනස්සල්ලට පත්වන ආරක්ෂක උත්සුකයන් අතර චීනයේ ක්‍රියාකලාපය ඉදිරි දශකය තුළ එහි මූලික ස්ථානයක් ලබා ගැනීමට  සමත් විය. 

 

"චීනය සැලකිය යුතු ලෙස න්‍යෂ්ටික අවි ඇතුළු සිය හමුදා බලකායන් ගොඩනඟමින්, තම අසල්වැසියන්ට හිරිහැර කරමින්, තායිවානයට තර්ජන කරයි ... දියුණු තාක්‍ෂණය හරහා තම පුරවැසියන් නිරීක්ෂණය කිරීම සහ පාලනය කිරීම මෙන්ම රුසියානු බොරු සහ වැරදි තොරතුරු පතුරුවා හැරීම ද සිදු කරනු ලබයි " යනුවෙන් NATO හි දස අවුරුදු උපායමාර්ගික සංකල්පය ඉදිරිපත් කරමින් එහි මහලේකම් Jens Stoltenbreng පැවසීය.  

 

"චීනය අපගේ විරුද්ධවාදියා නොවේ, නමුත් එය නියෝජනය කරන බරපතල අභියෝග පිළිබඳව අප පැහැදිලිව විමසිලිමත් විය යුතුය" යනුවෙන් Stoltenberg තවදුරටත් අදහස් දක්‌වමින් පැවසීය.

 

"චීනය කරන එක් දෙයක් නම් : අපි පිළිපදින, අප විශ්වාස කරන, අපි ගොඩනඟා ගැනීමට උදව් කළ නීති මත පදනම් වූ ජාත්‍යන්තර ක්‍රියාවලියට වල කැපීමට උත්සාහ කිරීමයි. චීනය එයට එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් අභියෝග කරන්නේ නම්, අපි එයට එරෙහිව කීප ආකාරයකින් නැගී සිටින්නෙමු" යනුවෙන් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් Antony Blinken මෙහිදී අදහස් දක්‌වමින් කියා සිටියේය.

116 Views

Comments