මැයි මාසයේදීත් පහත වැටුණු ජපානයේ කාර්මික නිෂ්පාදනය


ජපානය කාර්මික නිෂ්පාදනයන් පහත වැටේ

.

පසුගිය මැයි මාසයේදී අඛණ්ඩ දෙවන වරටත් ජපානයේ කාර්මික නිමැවුම අප්‍රේල් මාසයට සාපේක්ෂව 7.2% කින්  පහත වැටී ඇති බව රජයේ දත්ත මගින් බ්‍රහස්පතින්දා දින පෙන්වා දුන් අතර කර්මාන්තශාලා සහ පතල්වල සෘතුමය ලෙස සකස් කරනු ලබන නිෂ්පාදන දර්ශකය අනුව 2015 පදනම 88.3 %  වූ බව ආර්ථික, වෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය. 

 

මැයි මාසයේදී කාර්මික නැව්ගත කිරීම් දර්ශකය පසුගිය මාසයට සාපේක්ෂව 4.3 % කින් එනම් 89 % දක්වා පහත වැටී ඇති අතර නව සොයාගැනීම් 0.1 % කින් පහළ ගොස් 98.5 %  මට්ටමට ලඟා වී ඇත. 

 

කෙසේ නමුත් ගතවන ජුනි මාසයේදී නිෂ්පාදනය 12% කින් සහ ජූලි මාසයේදී 2.5% කින් ඉහළ යනු ඇතැයි අමාත්‍යාංශය අපේක්ෂා කරනු ලබයි.

184 Views

Comments