ඩොලරයට සාපේක්ෂව යෙන් හි වටිනාකම වසර 24 ක අවම අගයකට පත්වෙයි


ඩොලරයට සාපේක්ෂව යෙන් අගය තවත් පහළ බසී

.

ජපානයේ සහ එක්සත් ජනපදයේ මූල්‍ය ප්‍රතිපත්ති අතර නොනවතින අපසරනය හේතුවෙන් වෙලඳපොල අපේක්ෂාවන් මධ්‍යයේ වුවද බදාදා දින නිව්යෝර්ක් නගරයේදී 'යෙන්' අගයේ වටිනාකම එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 137 රේඛාවට පහත වැටී ඇති බව වාර්තා වේ . 

 

පෙර නොවූ විරූ පරිදි 1998 සැප්තැම්බර් මාසයේ සිට දක්නට නොලැබුණු මට්ටමකට  ජපාන මුදල් ඒකකය මේ වසරේ ජුනි 29 දින පහත වැටී ඇති අතර ඉහළ යන උද්ධමනය හමුවේ ෆෙඩරල් සංචිතය මැඩපැවැත්වීම සඳහා ජපාන බැංකුවේ අඛණ්ඩ ණය-දැඩි කිරීමේ ආස්ථානයට වඩා හාත්පසින්ම වෙනස් අයුරින් බැංකුවේ අතිශය පහසු මූල්‍ය ප්‍රතිපත්තිය මේ මාසයේදී නොවෙනස්ව තබා තිබේ .  

 

යුරෝපීය මහ බැංකුව විසින් අගහරුවාදා දින පවත්වන ලද සම්මන්ත්‍රණයක් අතරතුර, ෆෙඩරල් මහ බැංකුවේ ප්‍රධානී Jerome Powell විසින් "මුදල් දැඩි කිරීම හේතුවෙන් ආර්ථික වර්ධනය මන්දගාමී විය හැකි නමුත් එය විශාල අවදානමක් නොවන බව පවසමින්" උද්ධමනය ආක්‍රමණශීලී ලෙස පාලනය කිරීමේ තම ස්ථාවරය නැවත අවධාරණය කර ඇත. 

 

ෆෙඩරල් බැංකුව සිය මූල්‍ය ග්‍රහණය දිගටම දැඩි කිරීමට ඉඩ ඇති බව ඔහුගේ මෙම ප්‍රකාශය මඟින් තහවුරු වූ අතර ඩොලරයට සාපේක්ෂව ජපාන මුදල් තවදුරටත් දුර්වල වීමට එය හේතුවක් වනු ඇති බවට ආර්ථික විශේෂඥයන් මෙහිදී අදහස් පළ කළහ .

204 Views

Comments