පෞද්ගලික දේපළ වලට හානි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ


පුද්ගලයෙකුගේ පෞද්ගලික දේපල වලට හානි කළ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගනී

.

Yokohama ප්‍රාන්තයේ Minami Ward හි වාසය කළ පුද්ගලයෙකුගේ නිවසකට තීන්ත ඉස දේපල හානි සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට 40 හැවිරිදි Tetsuro Akiyama නම් සමාගම් සේවකයකු Yokohama ප්‍රාන්ත පොලීසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .

 

මැයි 12 දින අලුයම 2.10 ට පමණ  සැකකරු විසින් නිවසේ දොරකඩේ, බිත්තියේ සහ තැපැල් පෙට්ටියේ තීන්ත ආලේප කර ඇති අතර වීදි නිරීක්ෂණ කැමරා දර්ශන පරික්ෂා කිරීමෙන් පසු මැයි 3 සහ 12 යන දිනවල ඔහු විසින් මෙලෙස තීන්ත ආලේප කර ඇති බව සොයාගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කළේය. 

 

Akiyama ගේ දෙමාපියන් හානියට පත් පුද්ගලයාගේ නිවස අසල පදිංචිව සිටින බැවින් ඔහු ඉඳහිට තම දෙමව්පියන් බැලීමට ගිය විටෙක සිය මෝටර් රථය පාරේ නවතා ගොස් තිබේ. එවැනි දින තුනකදී අසල්වැසි නිවසේ පුද්ගලයා විසින් නවතා තිබූ මෝටර් රථයට අලාභහානි කළ බවත්, එයට පළිගැනීමක් ලෙස ඔහු එම පුද්ගලයාගේ නිවසේ තීන්ත ආලේප කළ බවත් Akiyama පොලිසියට පවසා තිබේ.

116 Views

Comments