හිරෝෂිමා නගරය එළැඹෙන G-7 සමුළුව පිළිගැනීමට සුදානම් වෙයි


එළඹෙන වර්ෂයේ දී G7 සමුළුව Hiroshima නගරයේ දී පැවැත්වීමට නියමිතයි

.

බටහිර ජපානයේ Hiroshima ප්‍රාන්ත නගරයේදී එළැඹෙන වසරේ පැවැත්වීමට නියමිතව ඇති G-7 සමුළුව සම්බන්ධයෙන් වන පලමු පියවර නගර බලධාරීන් විසින් බ්‍රහස්පතින්දා දින ආරම්භ කර ඇති බව වාර්තා වේ.

 

ප්‍රබල රටවල රාජ්‍ය නායකයින් පරමාණු බෝම්බ අඩවියකට රැස්වන පළමු අවස්ථාව මෙය වන බැවින් Hiroshima නගරය සහ ප්‍රාන්තය 2023 මැයි 19 දින සිට පැවැත්වෙන තෙදින සමුළුව සැලසුම් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් වෙන වෙනම පිහිටුවා ගෙන තිබේ. 

 

වසරේ පළමු G-7 සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව අගමැති Kishida විසින් ජපාන ජනාධිපති යටතේ එළැඹෙන සමුළුවේ සත්කාරක නගරය අඟහරුවාදා දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ නිලධාරීන් පළමු වරට මෙලෙස හමුවී ඇති බව සඳහන් වේ. යුද කාලීන න්‍යෂ්ටික අවි හේතුවෙන් විනාශයට ලක් වූ ලොව එකම රට වන ජපානය විසින් "සාමයේ පණිවිඩය ලොවට ලබාදීමේ අරමුණින්" මීළඟ සමුළුව සඳහා Hiroshima නගරය තෝරා ගෙන ඇති බව පැවැසේ. 

 

"පරමාණුක අවියකින් බෝම්බ හෙලීමේ ප්‍රතිවිපාකවල යථාර්ථයන් පිළිබඳව නායකයින් ඔවුන්ගේ අවබෝධය ගැඹුරු කරනු දැකීමට අපි කැමතියි" යනුවෙන් මෙහිදී අදහස් දක්‌වමින් Hiroshima කණ්ඩායමේ ප්‍රධානියා මෙන්ම නගරයේ නගරාධිපති වන Kazumi Matsui පැවසීය.

170 Views

Comments