Hokaido ප්‍රාන්තයේ Ashikawa නගරයේ සාප්පු සංකිර්ණයකින් මුදල් නොගෙවා භාණ්ඩ සොරකම් කළ බවට Fukagawa පොලිස් ස්ථානයේ උප ප්‍රධානියා ලෙස සේවය කළ 50 හැවිරිදි නිලධාරියා හට චෝදනා එල්ල වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක වෙමින් තිබියදී පසුගිය ජුනි 21 දින Sapporo ප්‍රාන්තයේ පිහිටි සිය නිවසේදී ප්‍රධානියා විසින්ම සියදිවි හානි කර ගෙන මිය ගොස් ඇති බව වාර්තා වේ.
ප්‍රාන්ත පොලිසියේ විශ්වාසදායී ආරංචි මාර්ග ජුනි 29 වන දින කියා සිටියේ ඔහු සියදිවි හානි කර ගැනීමට පෙර සිය වරද පිළිගත් බවයි. සැකකරුගේ මරණින් පසු සොරකම් කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ නඩුවේ ලිපි ලේඛන සියල්ලක්‌ම නඩු පවරන්නන් වෙත යැවීමට පොලිසිය අදහස් කරගෙන සිටින බව වාර්තා වේ .
විමර්ශනයට සමීප මූලාශ්‍ර වලට අනුව උප ප්‍රධානියා විසින් ජූනි 18 වන දින Ashikawa සුපිරි වෙළඳසැලකින් කෙටි ආහාර රාශියක් ගෙන මුදල් නොගෙවා පිටව යාමට උත්සහ දැරූ මොහොතේදී වෙළදසැලේ ආරක්ෂක නිලධාරියෙකු විසින් අල්ලා ගෙන තිබේ. පසුව සිදුකළ නඩු විභාගය අතරතුරදී ප්‍රාන්ත පොලිසිය විසින් උප ප්‍රධානියාට ඔහුගේ Sapporo හි පිහිටි නිවසේ රැඳී සිටින ලෙස දන්වා තිබූ නමුත් අවසානයේදී 21 දින නගරයේ විශ්වවිද්‍යාල භූමියේ මියගොස් සිටියදී ඔහු සොයාගැනීමට විමර්ශන නිලධාරීන්ට සිදුවිය.
ජපානය තුළ මෙවැනි සියදිවි නසාගැනීම් වැළැක්වීම වෙනුවෙන් ඉංග්‍රීසි සහාය ඇතිව ක්ෂණික ඇමතුම් අංක කීපයක් හදුන්වා දී ඇති අතර https://telljp.com/ , https://telljp.com/lifeline/tell-chat/ යන වෙබ් අඩවි මගින් ද 03-5774-0992 (දිනපතා) 03-4550-1146 (සදු-සිකු දක්වා පෙ.ව.10 සිට ප.ව.5 දක්වා) යන දුරකථන අංක වෙත ඇමතීමෙන් ද ඔබට උපදේශන සහාය ලබාගත හැකිවේ.