NATO හවුල්කාරිත්වය  වැඩිදියුණු කිරීමට පියවර ගත් ජපාන අගමැති


ජපාන අගමැතිගේ ප්‍රමුඛත්වයෙන් නේටෝ සංවිධානය හා ඇති සබඳතා වැඩි දියුණු වෙයි

.

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණයෙන් පසු යුරෝපීයානු කලාපයේ ආරක්ෂාව ආසියානු කලාපයෙන් වෙන් කළ නොහැකි දෙයක් බවට පත්ව ඇති බැවින් NATO සමඟ දැනට පවතින හවුල්කාරිත්වය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීමට ජපානය අපේක්ෂා කරන බව" අගමැති Fumio Kishida පසුගිය බදාදා දින ඉන්දු-පැසිෆික් කලාපය තුළ බටහිර සන්ධානයේ  කටයුතුවලට ප්‍රශංසා කරමින් කියා සිටියේය. 

 

බ්‍රහස්පතින්දා දක්වා පැවැති දෙදින සමුළුවේදී Brussels පදනම් කරගත් සංවිධානය විසින් එහි ආසියා-පැසිෆික් හවුල්කාර රටවල් ලෙස සලකන ජපානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල නායකයින්ට සමුළුව සඳහා රැස්වීමට ආරාධනා කර ඇති අතර එය මෑත ඉතිහාසයේ ගනු ලැබූ පෙර නොවූ විරූ පියවරක් ලෙස සැලකේ.

 

ජපාන රජය NATO සමඟ එක්ව සමුද්‍රීය ආරක්ෂාව සහ සයිබර් තාක්ෂණය වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව ඉහළ නැංවීම වෙනුවෙන් තමන්ගේම හවුල්කාරිත්ව ලේඛනයක් යාවත්කාලීන කිරීමට උත්සාහ කරමින් සිටින බව මෙහිදී සමුළුව අමතමින් Kishida පැවැසීය.

103 Views

Comments