වාර්තාගත ජන අරමුදල් සම්පාදිතයක් හිමි කරගත් නාරා ලෝක උරුම පුණ්‍යභූමිය


Horyuji බෞද්ධ මධ්‍යස්ථානය වාර්තාගත අරමුදලක් රැස් කර ගනියි

.

වර්ෂ 607 දී ඉදිකරන ලද සහ වර්ෂ 1993 දී යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම් කරන ලද Nara ප්‍රාන්තයේ පිහිටා ඇති Horyuji බෞද්ධාගමික මධ්‍යස්ථානය චිරාත් කාලයක් මුළුල්ලේ ස්වභාවික විපත් සහ දිරාපත් වීම් හමුවේ යළි විරාජමානව නැගී සිටි අතර, විහාරයේ දක්නට ලැබෙන ප්‍රධාන ශාලාව දැනට ලොව පවතින පැරණිතම ලී ගොඩනැගිල්ල ලෙස සැලකේ. 

 

COVID-19 වසංගතය ව්‍යාප්තිය හේතුවෙන් විහාරස්ථානයට අඛණ්‌ඩව පැමිණෙමින් සිටි සංචාරකයින්ගේ සංඛ්‍යාව විශාල ලෙස අවම වූ අතර එනිසාවෙන් පන්සලේ නඩත්තු වියදම් පියවා ගැනීම අසීරු වී තිබේ. ජපානයේ ඇතැම් පන්සල් මෙන් Horyuji පන්සල විසින් ද එහි පැවැත්ම සදහා පන්සල් භූමියට ඇතුළු වීමේදී කුඩා ප්‍රවේශ ගාස්තුවක් අය කළ නමුත් වසංගත සමයේ කිසිදු ආදායමක් නොමැති වීම නිසා එහි නඩත්තු කටයුතු මුලුමනින්ම බිඳ වැටීම සිදුවිය. 

 

මෙනිසා ආර්ථිකය යළි නගා සිටුවීමේ අරමුණින් ජුනි 15 දින ජපන් වෙබ් අඩවියක් වන Readyfor හි සමූහ අරමුදල් සැපයීමේ ව්‍යාපාරයක් දායක භවතුන් විසින් ආරම්භ කර තිබූ අතර ජූලි 25 වන විට යෙන් මිලියන 20 ක් සපුරා ගැනීම එහි ඉලක්කය ලෙස දක්වා තිබිණි. නමුත් විශ්මයජනක අන්දමින් ඉලක්ක වටිනාකම මෙන් පස් ගුණයක් ඉක්මවා ජුනි 27 වන දින වනවිට යෙන් මිලියන 118 ක සංචිතයක් එක්රැස් කරගෙන ඇති බව වාර්තා වේ.

100 Views

Comments