වීදියක තබා තිබූ සුරතල් සතුන්ගේ ආහාර අනුභව කිරීම නිසා තුවාල ලැබූ බලු පැටවා


සුරතල් සතුන්ට තබා තිබූ ආහාර අනුභවයෙන් බලු පැටවකු ආසාදනයට ලක් වෙයි

.

Kanagawa ප්‍රාන්තයේ Zama ප්‍රදේශයේ ජුනි 27 වන දින සන්ධ්‍යා කාලයේදී සිය හිමිකරු සමඟ ඇවිදිමින් සිටි බලු පැටවෙකු මාර්ගය අයිනේ සුරතල් සතුන් වෙනුවෙන් තබා තිබූ ආහාර අනුභව කර ඇති අතර එහිදී ආහාරයට එක් කර තිබූ ඉඳිකටු වැනි ද්‍රව්‍යයක් සිරවීමෙන් එම සත්ත්වයා තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය පොලිසිය සදහන් කළේය. 

 

කවරෙකු හෝ විසින් ආහාර ඇසුරුමෙන් එහි තිබූ කූරු හැඩැති සුරතල් සතුන්ගෙන් ආහාර කොටස් පිටතට ගෙන එයට ඉඳිකටු දමා යළි පාරට දමන්නට ඇතැයි පොලීසිය සැක පළ කර ඇති අතර Zama පොලිස් ස්ථානයේ නිලධාරීන් එම ප්‍රදේශය අවට සවි කර තිබෙන ආරක්‍ෂිත කැමරා දර්ශන භාවිතයෙන් සැකකරු සෙවීම සඳහා මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ .  

 

බලු පැටවා ප්‍රතිකාර සඳහා ඒ මොහොතේදීම පශු වෛද්‍ය සායනයකට ගෙන ගොස් ඇති අතර සුරතලාගේ අයිතිකරු විසින් එදිනම ප්‍රාදේශීය පොලිසිය වෙත සිදුවීම සම්බන්ධයෙන් වාර්තා කොට තිබේ.

105 Views

Comments