එංගලන්තය කොවිඩ් පාලන සංචරන නීති ලිහිල් කරයි ..


එංගලන්තය විසින් පෙබරවාරි එකොළොස් වන දින සිට එම රටට ඇතුල් වන සියලුම සංචාරකයන් සඳහා ..

.

එංගලන්තය විසින් පෙබරවාරි එකොළොස් වන දින සිට එම රටට ඇතුල් වන සියලු සංචාරකයන් සඳහා කොවිඩ්  පර්යේෂණ කිරීම අනිවාර්ය නොකිරීමට තීරණය කරන ලද බව නිවේදනය කළේය. ඒ අනුව booster එන්නත සමග සියලුම එන්නත් ලබාගෙන ඇති සියලුම සංචාරකයන් මෙම  ලිහිල් කිරීමට සුදුසුකම් ලබන බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

එංගලන්ත ප්‍රවාහන අමාත්‍ය Grant Shapps විසින් මෙම නිවේදනය නිකුත් කරන ලද අතර නව රෝගීන් හඳුනා ගැනීම සහ මරණ සංඛ්‍යාව අවම අගයක පැවතීම සැලකිල්ලට ගනිමින් රජය විසින් මෙම තීරණය ගත් බව ආරංචි මාර්ග සඳහන් කරයි.

350 Views

Comments