ජපානයේ ප්රමුඛ පෙලේ ජංගම දුරකථන සමාගමක් වන KDDI ජංගම දුරකථන භාවිතා කරන්නන් මෙම සෙනසුරාදා දිනයෙන් භාගයක් පමණ ජංගම දුරකථන ජාලයේ සිදුවූ අවහිරතාවයක් නිසා දුරකථන ඇමතුම් ලබා ගැනීම, අන්තර්ජාලයට සම්බන්ද වීම වැනි ක්‍රියාකාරකම් කරගත නොහැකිව අපහසුතාවයට පත්ව සිටි බව ආරංචි මාර්ග පවසයි.
මෙම ජාල අවහිරතාවය බැංකු කරණ කටයුතු , කාලගුණ විද්‍යා දත්ත හුවමාරු කටයුතු සහ පාර්සල් බෙදාහැරීමේ කටයුතු සඳහාද අවහිරතා මතු කර ඇති බව සඳහන් වෙයි.
කෙසේ නමුත් සෙනසුරාදා පෙරවරු 1.35ට පමණ ඇතිවූ මෙම නිරාකරණය කිරීමට ගත වන කාලය තවම නිශ්චිත ලෙස කිවනොහැකි බවයි එම සමාගම් කාර්මික ශිල්පීන් පවසනුයේ