පැරණි ධාරිත්‍රකවල අවදානම සම්බන්ධයෙන් අනතුරු ඇඟවූ ජපාන ගිනි නිවන දෙපාර්තමේන්තුව


ජපාන ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව ජනතාවට අනතුරු අගවයි

.

උණුසුම් ගිම්හානයේදී ක්ෂණික ගින්නක් ඇතිවීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බැවින් සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් පැරණි, විසන්ධි වී යාමට ආසන්න ධාරිත්‍රක වැනි බලශක්ති කාර්යක්ෂමතා උපාංග නිරතුරුව පරීක්ෂාවට ලක් කරන ලෙස ජපානයේ Tokyo අගනුවර ගිනි නිවන දෙපාර්තමේන්තුව නගරයේ පිහිටි කර්මාන්තශාලා සහ ආපනශාලා වල හිමියන්ගෙන් පසුගියදා ඉල්ලා සිටියහ. 

 

බලශක්ති කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා කර්මාන්තශාලා සහ ආපනශාලාවල ඇති ප්‍රධාන විදුලි පරිපථ සහ අනෙකුත් බල උපකරණවල "අඩු වෝල්ටීයතාවයක් සහිත මූලික ධාරිත්‍රක උපාංග" පිහිටුවා ඇති අතර ජපානයේ බොහෝ ප්‍රදේශවල ගිම්හාන කාලයේදී වාර්තාගත උෂ්ණත්වයක් ඇති වන බැවින් එම උපකරණ නිසා ඇතිවන ගිනිගැනීම් සංඛ්‍යාවද ඉහළ යාම සිදුවේ. 

 

මේ හේතුවෙන් ජූනි 25 සහ 28 අතර කාලය තුළදී ධාරිත්‍රක පුපුරා යාම මගින් ඇති වූ බවට සැකකෙරෙන ගිනිගැනීම් තුනක් වාර්තා වී ඇති අතර "සාමාන්‍ය ග්‍රීෂ්ම කාලයට වඩා ගිම්හාන කාලයේදී ජනතාව වැඩි අවධානයකින් සිටිය යුතු බව" Tokyo අගනුවර ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවැසීය.

Comments