නාය යෑම නිසා මුලුමනින්ම විනාශයට පත්වූ ඉන්දියාවේ ඊසානදිග ප්‍රදේශය


අධික වර්ෂාව නිසා ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ විනාශ වේ

.

ඉන්දියාවේ ඊසානදිග කොටසට පසුගියදා ඇතිවූ අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් බොහෝ ප්‍රදේශ නායයාම් වලට ලක්වූ අතර Gauhati හි ඉදිකෙරෙමින් පැවැති දුම්රිය මාර්ග භූමියක් ද මෙලෙසින් මඩ කන්දකට යටවීම සිදු විය .සෙනසුරාදා දිනය පුරාම පැවැති නැවුම් වර්ෂාව සහ සුළු නායයෑම් තත්වය මධ්‍යයේ වුවද සුන්බුන් අතර අතුරුදහන් වී ගිය පුද්ගලයින් 37 දෙනාගෙන් 26 දෙනෙකුට අයත් මළ සිරුරු ගොඩගැනීමට සහනාධාර කණ්ඩායම් වලට හැකිවූ බව ප්‍රාදේශීය බලධාරීන් නිවේදනය කළේය. 

 

බදාදා රාත්‍රියේ සිට තවමත් දිවි ගලවා ගත් එක් අයෙකු හෝ සොයා ගැනීමේ කුඩාම කුඩා බලාපොරොත්තුවක් ඇතිව රළු කඳුකර භූමියේ ගලවා ගැනීමේ කටයුතු දින කිහිපයක සිට අඛණ්ඩව ක්‍රියාත්මක වේ . මෙම ස්ථානයේ සේවයේ නිරතව සිටින ගලවා ගැනීමේ නිලධාරියෙකු වූ වන Pankaj Kavidayal කියා සිටියේ මියගිය 26 දෙනාගෙන් 21 දෙනෙකුම භෞමික හමුදාවේ සාමාජිකයින් බවයි.

 

ප්‍රදේශයේ ජනවාර්ගික සහ ගෝත්‍රික කණ්ඩායම් සඳහා වෙනම නිජබිමක් සොයන දශක ගණනාවක් පැරණි කැරැල්ලක් හේතුවෙන් සේවයේ නියුතු දුම්රිය නිලධාරීන්ට ආරක්ෂාව ලබා දීමට පැමිණි හමුදා නිලධාරීන් අතරින් 21 දෙනෙකු මෙලෙස මියගොස් ඇති බව සඳහන් වේ. 

 

සම්පුර්ණයෙන්ම ගසාගෙන ගිය දුම්රිය ස්ථානය, සේවක නිවාස සහ අනෙකුත් යටිතල පහසුකම්වල සුන්බුන් වලින් සොල්දාදුවන් 13 දෙනෙකු සහ සිවිල් වැසියන් පස් දෙනෙකු බේරා ගැනීමට හැකිවූ බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළේය .

89 Views

Comments