එක්සත් ජනපද නාවික කඳවුරේ විෂ සහිත ජලය සම්බන්ධයෙන් ඇතිවූ අර්බුදය


එක්සත් ජනපද නාවික කඳවුරේ ජලය විෂ බව පවසමින් අර්බුදයක් ඇති වෙයි

.

පිළිකා ඇති වීමට හේතු වන බවට සැක කෙරෙන perfluorooctanesulfonic acid (PFOS) වැනි රසායනික සංයෝගවලින් අපවිත්‍ර වූ  ජලාපවහන ජලය නගරයේ පිහිටි එක්සත් ජනපද නාවික කඳවුරේ සිට Yokosuka වරායට මුදා හැරීම සිදු විය හැකි බව නැගෙනහිර ජපානයේ Kanagawa ප්‍රාන්තයේ Yokosuka නගර රජය ජුලි 1 දින නිවේදනය කළේය. 

 

එක්සත් ජනපද බලධාරීන්ගෙන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් වාර්තාවක් ලැබීමෙන් පසු ජපාන ආරක්ෂක අමාත්‍යාංශයේ දකුණු Kanto ආරක්ෂක කාර්යාංශය විසින් එදිනම නගරයට අනතුරු ඇඟවීමක් සිදුකර ඇති අතර වාර්තාවට අනුව පසුගිය මැයි මස මුලදී නාවික හමුදා කඳවුරේ නැගෙනහිර කොටසේ ජලාපවහන පිරිපහදු මධ්‍යස්ථාන ජලයේ තිබී පෙණ හමු වී තිබේ. 

 

මෙනිසා එක්සත් ජනපද බලධාරීන් විසින් ජලාපවහන ජලයේ වූ PFOS සහ perfluorooctanoic අම්ලය (PFOA) පරීක්ෂා කර ඇති අතර එහිදී කාබනික ෆ්ලෝරීන් සංයෝග දෙකේම ඒකාබද්ධ මට්ටම්වල නැනෝ ග්‍රෑම් ප්‍රමාණය ජපාන රජය විසින් නියම කර ඇති තාවකාලික ඉලක්කගත අගය වන ලීටරයට නැනෝ ග්‍රෑම් 50 ඉක්මවන බව අනාවරණය වී ඇත. 

 

රසායනික ද්‍රව්‍ය කාන්දු වීමට නිශ්චිත හේතුවක් නොදන්නා බව එක්සත් ජනපද නිලධාරීන් විසින් පැවැසූ නමුත් ජපාන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ජුනි 30 වන දින කියා සිටියේ ජලාපවහන ජලය මුදා හරින ලද ආසන්න ජලයේ මුහුදු ජල සාම්පල එකතු කර විශ්ලේෂණය කිරීමට නිලධාරීන් සූදානම් වෙමින් සිටින බවයි .

 

"එක්සත් ජනපද නාවික කඳවුර සතුව PFOS සහ වෙනත් රසායනික ද්‍රව්‍ය තිබේද යන්න සොයා බලා ධීවර කර්මාන්තයට සම්බන්ධ පුද්ගලයින්ට නිවැරදි පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙස" Yokosuka නාගරික රජය මෙහිදී ආරක්ෂක අමාත්‍ය Nobuo Kishi ගෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ.

Comments