ජපානයේ විශ්මයජනක බුද්ධ ප්‍රතිමාව


The Hill of Buddha ප්‍රතිමාව සංචාරකයන්ගේ ආකර්ෂණය වඩාත් දිනාගනී

.

ලෝක ප්‍රකට ජපන් ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන Tadao Ando විසින් 1982 දී ස්ථාපිත කළ බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස "The Hill of Buddha" හැඳින්වේ. Sapporo හි පිහිටා ඇති ජනප්‍රිය සංචාරක ස්ථානයක් වන මෙය Makomanai Takino සුසාන භූමියේ කොටසක පිහිටා ඇති අතර යෝධ බුද්ධ ප්‍රතිමාවෙන් අඩක් භූගතව පවතී .  

 

වසර පුරාම සෘතුමය ශාක හා විවිධ මල් වලින් පිරී යන සුන්දර කඳු බෑවුම් සහිත ප්‍රතිමාවේ හිස පමණක් දුර සිට දැකිය හැකි වේ. දම් පැහැති ලැවෙන්ඩර් මල් සහ ප්‍රතිමාවේ ආකර්ෂණීය වෙනස මගින් නිර්මාණය කරන ලද අද්විතීය භූ දර්ශනය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට සංචාරය කිරීම සඳහා සුදුසුම සමය වන්නේ ගිම්හානයයි.  

 

ප්‍රතිමාවේ භූගත කොටසට පිවිසීමට ඇති පූජනීය දොරටුවේ Maoi හිස් හතළිස් දෙක දැකිය හැකි වන අතර ප්‍රධාන පාරේ අනෙක් පැත්තේ Sapporo හි තවත් වැදගත් සන්ධිස්ථානයක් වන Suzerain කඳුකර උද්‍යානය පිහිටා තිබේ. 

 

අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ පෙ.ව. 9 සිට ප.ව. 4 දක්‌වාත් නොවැම්බර් සිට මාර්තු දක්වා වූ කාලය තුළ පෙ.ව. 10 සිට ප.ව.3 දක්වාත් බුද්ධ ප්‍රතිමාව සංචාරකයින් සඳහා විවෘතව පවතින අතර ඇතුළත් වීමේ ගාස්තු කිසිවක් අය නොකෙරේ.

124 Views

Comments