වත්මන් මිලෙන් අඩක් බවට පත්වූ රුසියානු තෙල් සීමාව


රුසියානු තෙල් මිල අඩුවේ

.

යුක්‍රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් Moscow වලට එරෙහිව පනවන ලද සම්බාධක වලට අනුව රුසියානු තෙල් සඳහා පැනවීමට නියමිත මිල සීමාව වර්තමාන මිලදී ගැනීමේ මිලෙන් අඩක් පමණ වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව මැතිවරණ ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් ඉරිදා පැවැති මාධ්‍ය හමුවේදී ජපාන අගමැති Fumio Kishida ප්‍රකාශ කළේය .

 

" සාමයේ පර්යාය දෙදරා යන බරපතල තත්වයකට අපි මුහුණ දී සිටිමු. ඒ නිසාවෙන් රුසියානු තෙල් වැඩි මිලකට මිලදී නොගන්නා සහ සීමාවකට පිටින් මිලදී ගත නොහැකි යාන්ත්‍රණයක් රට තුළ නිර්මාණය කළ යුතුය " යනුවෙන් පසුගිය ජුනි මස  අගභාගයේදී පැවැති G-7 සමුළුවෙන් පසුව නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයක් පිළිබඳව සඳහන් කරමින් මෙහිදී Kishida කියා සිටියේය. 

 

නිශ්චිත මිලකට හෝ ඊට අඩු මිලකට තෙල් මිලදී ගන්නේ නම් පමණක් රුසියානු මුහුදු බොරතෙල් සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන ගෝලීය වශයෙන් ප්‍රවාහනය කිරීමේ හැකියාව වැනි විකල්ප තෙල් මිල සීමා යෝජනා ක්‍රමයකට ඇතුළත් විය හැකි බව ද එම නිවේදනයේ සඳහන් වේ.

104 Views

Comments