ඉරිදා අලුයම 1.40 ට පමණ Okinawa ප්‍රාන්තයේ Ginowan හි කුලී රථයක් තුළ සිටි සහෝදරියන් දෙදෙනෙකුට කිසියම් පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇන ඝාතනය කිරීමට තැත් කළ බව වාර්තා වේ.
සැකකරු සහෝදරියන් දෙදෙනා ගමන් කළ කුලී රථය පසුපසින් මද දුරක් හඹා ගොස් ඔවුන්ගේ නිවස ඉදිරිපිට රථය නතර කළ විට තම මෝටර් රියෙන් බැස විත් කාන්තාවන් දෙදෙනාට පිහියෙන් ඇන ඇති අතර පසුව තම රථයට නැඟී පලා ගොස් තිබේ.
පිහි ප්‍රහාරයෙන් උදරය ප්‍රදේශය තුවාල වී සිටි කාන්තාවන් දෙදෙනා ඒ මොහොතේදීම රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය ස්ථාවර බවට වෛද්‍යවරු පවසා තිබේ. පලා ගිය සැකකරු තවමත් නිදැල්ලේ පසුවන අතර ඔහුව එක් සහෝදරියක් හඳුනන බවත් ඔවුන් අතර මීට පෙර යම් යම් අමනාපකම් තිබී ඇති බවත් සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලීසිය සඳහන් කළේය